ඉෂාර රත්නකාර
අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බව ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති හෑන්ස් පීටර් පවසයි.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය සමග ඊයේ පැවැති හමුවකදී ස්විස්ටර්ලන්ත තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
දෙරටේ අධිකරණ පද්ධතිය අතර සහයෝගීතාව ඇති කරගැනීම පිළිබද අමාත්‍යවරිය සහ තානාපතිවරයා අතර දීර්ඝ වශයෙන් මෙහිදි සාකච්ඡා කර තිබේ.
මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනය, පුහුණුවීම්, නීතිමය ප්‍රතිසංස්කරණ දැනුම ලබාදීම වැනි කටයුතු සදහා ස්විස්ටර්ලන්ත රජය ලබාදෙන සහයෝගය අගය කරන බව ද අධිකරණ අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.