මෙරට ඉතිහාසයේ වැඩිම මනාපයෙන් රනිල්ගේ වාර්තාව මහින්ද කැඩූ හැටි

Picture of අසංක

අසංක

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ එක් අපේක්ෂකයෙකු විසින් ලබාගත් වැඩිම මනාපය කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා වාර්තා කර ඇත්තේ මීට පෙර එම වාර්තාවට හිමිකම් කී රනිල් වික්‍රමසිංහ මහතාගේ වාර්තාව බිඳ හෙළමිනි.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ගත් මනාප ඡන්ද සංඛ්‍යාව 527364කි.

මීට පෙර වැඩිම මනාප සංඛ්‍යාවක් හිමි කර ගත් අපේක්ෂකයා වූයේ එක්සත් ජාතික පක්ෂයේ  රනිල් වික්‍රමසිංහ මහතා 2015 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලබාගත් මනාප 500566 ය. එම මැතිවරණයේදී දෙවැනි වැඩිම මනාප වාර්තා කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂ මහතා මනාප 423539ක් හිමිකරගෙන තිබුණි.

රනිල් වික්‍රමසිංහ මහතා එවර බිඳහෙලා තිබුණේ 1994 චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විසින් ලබාගත් මනාප ඡන්ද 423509 ලබා ගනිමින් තැබූ වාර්තාවයි.