මෙරට ,එන්නත් මාත්‍රා දෙකම ලබාදුන් පිරිස කෝටිය ඉක්මවයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට වයස 30 ට වැඩි කෝටියක පිරිසකට කොවිඩ් මර්දන එන්නත ලබාදී අවසන් කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අනාවරණය කර සිටී

එය විශාල ජයග්‍රහණයක් බවද හෙතෙම මාධ්‍ය වෙත  සඳහන් කළේ‍ය.

වයස අවුරුදු 30 ට වැඩි සියලු දෙනාට ඉදිරි දෙසතියේදී එන්නත ලබාදීම සම්පූර්ණ කිරීමට හැකිවනු ඇතැයි පැවැසූ යුද හමුදාපතිවරයා වයස අවුරුදු 20 ත් 29 ත් අතර කාණ්ඩයේ පිරිසටද දිස්ත්‍රික්ක හයකදී එන්නත්කරණය කඩිනමින් සිදුකරන බව පැවසුවේය.

මේ අතර මෙරට හාර ලක්ෂ විසි නව දහසකට කොවිඩ් මර්දන එන්නත පෙරේදා(8) ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙරට ගර්භණී කාන්තාවන් ලක්ෂයකට වැඩි පිරිසක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.