ශ්‍රී ලංකාවේ කාන්තාවන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක මූල්‍යාධාර ලබාදීමට ජපානය ඉදිරිපත්ව ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා ඒකකය හරහා මෙම මුදල් ලබාදීමටද ජපන් රජය කටයුතු යොදා ඇත.
මානව හිමිකමි පිළිබඳව කාන්තාවන් දැණුවත් කිරීමට මෙන්ම කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමට මෙම මුදල් විශේෂයෙන්ම භාවිතා කිරීමට නියමිතය .
මෙම ව්‍යාපෘතියට අදාල හුවමාරු පත්‍ර සඳහා අත්සන් තැබීම අද *(18) දින මෙරට ජපන් තානාපති අකිරා සුගියාම මහතා සහ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ ආසියානු පැසි‘ික් කළාපීය අධ්යක්ෂ මොහොමඞ් නසීරි මහතා විසින් කොළඹ පිහිිටි ජපන් තානාපති නිල නිවසේදී සිදුකරණ ලදී.
කාන්තාවන් සාමය සහ ආරක්ෂාව පිළිබඳ වූ හවුල් වැඩසටහන යටතේ ජපානය විසින් ශී‍්‍ර ලංකාවට මෙම මූල්‍යාධාර ලබාදේ .
හුවමාරු පත්‍ර අත්සන් තබන අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් දර්ශනා සේනානායක මහත්මිය ද සහභාගී විය