මෙරට කොවිඩ් ආසාදිතයින්‌ 120,000 ට ආසන්න වෙයි

Picture of අසංක

අසංක

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්‌ සංඛ්‍යාව 119,424 ක්‌ දක්වා ඊයේ (6) ඉහල ගොස් තිබේ.

ඒ ඊයේ 1,895 ක් ආසාදිතයින්‌ වාර්තා වීමත් සමඟයි.

කොවිඩ් රෝගීන් 100,885 දෙනෙක්‌ සුවය ලබා පිටව ගොස්‌ තිබේ.

දෛනිකව හමුවන වැඩිම ආසාදිතයින්‌ සංඛ්‍යාව ලෙස 1,939 දෙනෙකු වාර්තා වී වී තිබුණේ පෙරේද (05) දිනයේයි.

ඊයේ දේශීයව ආසාදිතයන්‌ 1,851 ක්‌
හඳුනාගත්‌ අතර විදෙස්‌ රටවල සිට
පැමිණි 44 දෙනෙක්‌ පසුව කොරෝනා ආසාදිතයන්‌ ලෙස හඳුනාගෙන තිබුණි.

ඊයේ වාර්තා වු කොවිඩ් මරණ 11ත් සමඟ මෙරට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 745 විය.