මෙරට කොවිඩ් මරණ ගණන 400 පනී

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන ඊයේ  (15) දිනය වනවිට 403ක් දක්වා ඉහළ ගියේ ය.
ඊයේ (15) වාර්තා වී ඇති කොවිඩ් මරණ 06කි.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළ පරිදි ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ විස්තර පහත පරිදි වේ.
01. දවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. වැලිකන්ද කොවිඩ්‌ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට පාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 2021 පෙබරවාරි 14 චන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස
දැක්වෙන්නේ කොවීඩ්‌ නියුමෝනියාවයි.
02. පල්ලෙතලවින්න ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකි. මහනුවර ජාතික රෝහලේ සිට කොචිඩ්‌-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව පාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යචා අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 14 චන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, කොවිඩ්‌ නියුමෝනියාව, සංකුල වූ චකුගඬු රෝගය, සහ වකුගඩුවලට භානි සිදුවීමයි.
03. හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහරගගම අපේක්ෂා රෝහලේ සිට කොවිඩ්‌-19 ආසෘදීතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යචා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 15 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ පිළිකා රෝගී තත්ත්වය සහ කොවිඩි නියුමෝනියාවයි.
04. නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක සිට කොව්ඩ්‌-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 2021 පෙබරවාරි 14 චන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොචිඩ්‌ නියුමෝනියාව, ලේ විෂවීම කම්පනය, උග්‍ර වකුගඩු හානිවීම, සංකුල චූ වකුගඩු රෝගය, හෘද රෝගී තත්ත්වය, අධි රුධිරපීඩනය සහ රුධිරයේ ලිපිඩ ප්‍රමාණය ඉහළ යාමයි.
05. වත්තල ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. දොම්පේ දිස්ත්‍රික්‌ රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර කොවිඩ්-19 ආසෘදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 2021 පෙබරවාරි 14 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීමේ කම්පනය, කොචිඩ්‌ නියුමෝනියාව, සංකූල වූ වකුගඩු රෝගය සහ උග්‍ර දියවැඩියාවයි.
06. හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටන අතර 2021 පෙබරවාරි 14 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොව්ඩ්‌ නියුමෝනියාව, උග්‍ර වකුගඩු රෝගය සහ හෘදය අක්‍රිය වීමයි.