මෙරට 526 වන කොවිඩ් මරණය ද අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කර තිබේ.
එලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි කනත්තේවැව ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවකි.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී ඊයේ (12) මියගොස් ඇත.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර බ්‍රොන්කෝ නියුමෝනියාව සහ ලේ විෂවීම ය.