මෙරට ඛනිජ තෙල් නිෂ්පාදනයට , විදෙස් සමාගම් 24ක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට ඛනිජ තෙල් නිෂ්පාදනය ප්‍රධාන රටවල සමාගම් ඇතුළු සමාගම් 24 ක් යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල සමාගම් 24 ක් එම යෝජනා ඉදිරිපත් කර ඇති බවත් ඒ සඳහා පත්කර ඇති කමිටුව යෝජනා ඇගයීමට ලක්කර ක්‍රියාවලිය සති හයකින් අවසන් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය