මෙරට චීන ජාතිකයන්ට අද සිට චීන කොවිඩ් එන්නත

Picture of අසංක

අසංක

මෙරට සිටින චීන ජාතිකයින්ට චීනයෙන් මෙරටට ලැබුණු කොවිඩ් එන්නත අද (05) දිනයේ සිට ලබාදීමට පියවර ගැනේ.

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් නමැති මෙම එන්නතේ මාත්‍රා ලක්ෂ 6ක් පසුගිය 31 වැනිදා මෙරටට ගෙනඑනු ලැබීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත චීන ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් මෙම එන්නත් තොගය මෙරටට ප්‍රදානය කර තිබේ.