මෙරට තරුණයන් වැඩිපුරම මැරෙන්නේ මත්පැන් නිසා

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව අතර සිදුවන මරණ සඳහා ප්‍රධානතම හේතුවක් ලෙස අධික මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය ප්‍රකාශ කර සිටී.

අද (03) ට යෙදෙන අමධ්‍යප දිනය වෙනුවෙන් කොළඹදී පවතී විශේෂ සම්මන්ත්‍රණයකදී විජේසුන්දර මහත්මිය මේ බව අනාවරණය කළාය.

වයස අවුරුදු 25ත් 45ත් අතර පුද්ගලයින් අතර මධ්‍යසාර භාවිතය ඉහල ගොස් ඇති බවත් මේ හේතුව නිසාම එම පිරිස අතර සිරෝසිස් රෝගයද බහුලව දක්නට ලැබෙන බවත් සභාපතිනිය මෙහිදී සඳහන් කළාය.

සිරෝසිස් රෝගය වැළඳීම ඇති ශ්‍රී ලංකාව , ආසියාවේ ඉහලම තැනක පවතින බවත් එම රෝගයෙන් මියයන සංඛ්‍යාව සලකා බලන විට ශ්‍රී ලංකාව ලෝකයේහය වන ස්ථානයේ පසුවන බවද ඇය මෙහිදී සඳහන් කළාය.