මෙරට ත්‍රස්තවාදයට එරෙහි සටනට ඉන්දියාවත් එයි

Picture of අසංක

අසංක


ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට එරෙහිව ගෙනයන සටනට , ඉදිරියේදීත් පූර්ණ සහය ලබාදෙන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටී.

තයිලන්තයේදී 26 වන ආසියාන් කලාපීය සංසදය සමගාමීව ශ්‍රී ලංකා හා ඉන්දීය විදේශ අමාත්‍යවරුන්ගේ ද්වීපාර්ශවික හමුවකදී ඉන්දීය විද්ෂ අමාත්‍ය එස් ජයෂන්කර් මහතා මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව වැදගත් හා සමීප මිතුරකු ලෙස තම රට සලකන බවද ජයෂන්කර් මහතා මෙහිදී පවසා ඇත,

රටේ ආර්ථික වර්ධනයට ඉන්දියාවෙන් ලැබෙන සහය ඉතා වටිනා බව මෙහිදී මෙරට විදෙස් අමාත්‍ය තිලක් මාරපන මහතා සඳහන් කර ඇත.