මෙරට තුළ කොරෝනා වෛරසය සමාජ ව්‍යාප්තියක් කරා වර්ධනය වෙලා – GMOA

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසය සමාජ ව්‍යාප්තියක් කරා නැවතත් වර්ධනය වෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

එසේ සමාජ ව්‍යාප්තියක් සිදු වුවහොත් එය බරපතල තත්වයක් වියහැකි බවද එම සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත අද පැවසීය.

රට වසා දැමීම යහපත් ක්‍රියාමාර්ගයක් ලෙස සැළකිය නොහැකි වුවත් ආසාදිතයන් වැඩි ප්‍රදේශ සම්බන්ධයෙන් නිවැරදිව තීරණ ගැනීම අවශ්‍ය බවද ඒ මහතා පැවසීය.

මේ වනවිට රටේ දිස්ත්‍රික්ක 21 කින් පමණ කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබෙන බවත් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර හරහා මේ වනවිට ප්‍රදේශ ගණනාවක උප පොකුරු වර්ධනය වෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වුවද ඇතැම් උප‍ පොකුරුවල සම්බන්ධය තවමත් අනාවරණය වී නොමැති බවද ඔහු වැඩි දුරටත් පැවසීය.