මෙරට තුළ වැඩකරන චීන ජාතිකයන් නිවැරැදි සෞඛ්‍ය පිළිවෙත් රකින බවට තානාපති සහතික වෙයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක චීන ව්‍යවසායන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව අනුගමනය කරන බවත් ඔවුන්ගේ සමාජ වගකීම සහ කැපවීම හේතුවෙන් මෙරට බොහෝ චීන ව්‍යාපෘති බාධාවකින් තොරව සිදුකිරීමට අවස්තාව ලැබී ඇති මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

මෙරට ඉදිකිරීම් ව්‍යාපෘතියක සේවය කළ චීන ජාතිකයන් කිහිපදෙනෙකුට කොරෝනා ආසාධනය වීම සම්භන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් චීන තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර ඇත.

වසංගත රෝගය වාර්තා වීමෙන් පසු ගත වූ මාස අටක කාලය තුළ, චීන සමාගම් විසින් සිදු කරන ව්‍යාපෘති වල දේශීය හා විදේශීය ශ්‍රමිකයන් විශාල සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති අතර මෙලෙස වෛරසය අසාදනය වූ ශ්‍රමිකයින් හමු වූයේ පළමු වතාවට වන බවත් මෙම නිවේදනයේ දක්වා ඇත

මෙම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

කොළඹ 13, කොටහේන ප්‍රදේශයේ ඉදිකිරීම් ව්‍යාපෘතියක සේවය කළ චීන ජාතිකයන් සිව් දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට Covid-19 රෝගකාරක වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී ඇත.

එම ව්‍යාපෘතියේ සේවය කරන සියලුම දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සිදුකළ පරීක්ෂණ වලදී මේ බව තහවුරු විය. ඔවුහුට වෛරසය ආසාදනය වී ඇතත් රෝග ලක්ෂණ නොමැති බව තානාපති කාර්යාලයට දැනගන්නට ලැබී තිබේ.

මෙම සියලු සේවකයින් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර රජය වෙන් කරන ලද රෝහලක ප්‍රතිකාර ලබා ගනිති. තානාපති කාර්යාලය ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනු ලබයි. අප සැබවින්ම ජීවත්වන්නේ මනුෂත්වය ඛෙදා හදා ගන්නා ප්‍රජාවක් තුළය.

ව්‍යාපෘතියේ සෞඛ්‍ය අධීක්ෂකගේ මූලික විශ්ලේෂණයට අනුව, දේශීය කොන්ත්‍රාත් සමාගමක හුවමාරු වන ශ්‍රමිකයන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීම ආසාදනයට හේතු විය හැකිය. එය මෑතකදී මතු වූ ද්විත්ව පොකුරු සමග සම්බන්ධ වී තිබේද යන්න වැඩිදුර පර්යේෂණ සිදු කරනු ලබයි.

මෙම අසාදිතයින් කල්තියා හඳුනා ගැනීම සහ කාලෝචිතව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන්, වෛරසය පැතිරීම වලක්වා ගැනීමට හැකිවූ අතර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු වේ.

කම්කරුවන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දැඩි සෞඛ්‍යාරක්ෂක පියවර සහ විෂබීජනාෂණය කිරීමේ කටයුතු සිදුකරනු ලැබීය.