මෙරට දිනක් තුළ කොවිඩ් එන්නත් ලක්ෂ 4ක් දී වාර්තාවක්

Picture of අසංක

අසංක

මෙරට දිනක් තුළ වැඩිම කොවිඩ් මර්දන එන්නත් ප්‍රමාණයක් ඊයේ (24 ) දින ලබාදී තිබේ. එම සංඛ්‍යාව 412,211 කි.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 306,622ක් සහ එහි දෙවන මාත්‍රාව 35,720 ක් ද මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 69,830ක් ද ස්පුට්නික් V එන්නතේ දෙවන මාත්‍රාව 39ක් ද ඊයේ දිනය තුළ ලබාදී ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සදහන් කළේය.

ඒ අනුව මේ වනවිට මෙරට පුද්ගලයින් අනූ ලක්ෂ හත්දහස් පන්සිය පනස් නව ‍දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාදී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සදහන් කරයි.

ඒ අතර සිටින එන්නත් මාත්‍රා දෙකම ලබාගත්පු ද්ගලයින් ගණන ලක්ෂ 18 ක් පමණ වනු ඇත.