මෙරට දිනක කොවිඩ් මරණ 200 පනී – සමස්තය 8000 ඉක්මවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මෙරට තුළ දිනකදී සිදුවූ කොවිඩ් මරණ ගණන පළමුවරට 200 ඉක්මවා යමින් කොරෝනා ආසාදිත මරණ‍ 209 ක් පෙරේදා දින (25) දිනය තුළ සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 46 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 163 දෙනෙකු අයත් වේ.

ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 8,157 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ හදුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 4,602කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 412,370ක් දක්වා ඉහළගොස් තිබේ.