මෙරට බැංකුවල දැවැන්ත කඩාවැටීමක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ විශාල කඩාවැටීමක් අද (01) දින කොටස් වෙළඳපොළ ගනුදෙනු හරහා පෙන්නුම් කෙරින .

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL 20 දර්ශකයේ මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ පහළ ගිය වැඩිම ඒකක ගණන අද (01) දින වාර්තා විය.

කොටස් වෙළෙඳපොළේ අද දින මෙලෙස විශාල පහළ යාමක් වාර්තා වීමට ප්‍රධාන වශයෙන් හේතුවූයේ සම්පත් බැංකු සමාගමේ කොටස් මිල දැවැන්ත ලෙස පහළ යාමයි.

දිනය තුළ දී සම්පත් බැංකුවේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටසක මිල රු. 36.20 කින් පහළ ගිය අතර එහි අවසන් ගනුදෙනු මිල රු. 195.70 ක් ලෙසින් සටහන් විය. මෙර පෙර දිනයට වඩා 15.61% ක කඩා වැටීමකි.

මේ තත්ත්වය තුළ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බැංකු සමාගම්වලින් යූනියන් බැංකුව, සෙලාන් බැංකුව හා අමානා බැංකුව යන සමාගම් හැර සෙසු සියලු බැංකු සමාගම්වල කොටස් මිල ගණන් අද දිනයේ දී පහළ යන ලදී.


අද දිනය තුළ දී S&P SL 20 දර්ශකය ඒකක 110.87 කින් පහළ ගිය අතර එය 2014 ඔක්තෝබර් 13 දින වාර්තා වූ ඒකක 95.47 ක පහළ යාමෙන් පසු තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම කඩා වැටීම ලෙසින් සටහන් වේ.

පැතුම් වික්‍රමරත්න