මෙරට බිම්බෝම්බ ඉවත් කරගන්න නෝර්වෙන් මි. 7ක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත්කිරීමේ කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන හතක මුල්‍යාධාර ලබාදීමට නොර්වේ රජය කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින නොර්වේ විදේශ රාජ්‍ය ලේකම් මේරි ඈන් භාගන් මහත්මිය අද (05) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පවතී සාකච්ජාවකදී මේ බව සඳහන් කලාය .

බිම් බෝම්බ ඉවත්කිරීම යනු ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලියේ වැදගත් කොටසක් වන බැවින් ඊට ආධාර ලබාදීමට නොර්වේ රජය ඉදිරියටත් කටයුතු කරන බව මේරි ඈ න් මහත්මිය මෙහිදී සඳහන් කරඇත.

එසේම දෙරට අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරලීම සඳහා පියවර යොදන බවද ඇය පැවසුවාය.

පැතුම් වික්‍රමරත්න