ශ්‍රී ලංකාවේ පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා නව තාක්ෂණය හදුන්වාදීමට අමෙරිකාව එකඟතාව පළකර සිටී .
ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපති අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ඊයේ දින විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවූ අවස්ථාවේදි මේ පිළිබඳව සඳහන් කර ඇත
මාර්ග තදබදය ශ්‍රී ලංකාවට විශාල ගැටලුවක්ව ඇති බැවින් මෙසේ එට සහනයක් ලබදීමට තම රජය සූදානම් බවත් තානාපතිවරිය මෙහිදී සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ විදුලිබල සංවර්ධන ව්‍යාපෘතිවලට අවශ්‍ය තාක්ෂණික සහයෝග ලබාදීමටද ඇමරිකාව මෙහිදී එකඟතාවය පලකර ඇත.
මෙරට NLG බලාගාර ඇතුළු විදුලිබල සංවර්ධන ව්‍යාපෘතින්ට අමෙරිකාවේ සහය ලබාදීමට මෙම හමුවේදී අමෙරිකා තනාපතිවරිය එකඟ වී ඇත.
ඒ සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික සහයෝගය අමෙරිකාව ලබාදීමට සුදානම් බවද තානාපතිවරිය පවසා ඇත.