මෙරට වාර්තා වන කොඩිඩ් රෝගීන් බහුතරයක් එන්නත් ලබා ගෙන නෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න 

දැනට මෙරටින්  වාර්තා වන කොවිඩ් ආසාදිතයින් බහුතරයක් කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් පුද්ගලයින් බව අනාවරණය වී ඇත .

 

එසේම කොවිඩ් හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයින්ගෙන්ද බහුතරයක් එන්නත ලබානොගත් පුද්ගලයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත ඊයේ පැවසීය.

 

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

 

“තුන්වන කොවිඩ් රැල්ලේ අවසානයක් අපි දැක්කේ නෑ. රෝගීන් අඩුවුණා පමණයි. නමුත් පසුගිය දින කිහිපයේ සුළු වැඩිවීමක් පෙන්නුම් කළා. පසුගිය සති 3ක මරණ අපි දත්ත විශ්ලේෂණය කරලා බැලුවා. මියගිය බොහෝ අය එන්නත් ලබාගෙන තිබුණේ නෑ. රෝගීන්ගෙත් බැලුවාම එන්නත් ලබාගෙන නෑ. 60ට වැඩි සියලුම වැඩිහිටියන් මොන එන්නත ද කියලා හොයන්නේ නැතුව ලබාදෙන එන්නත ලබාගන්න.”