ශ්‍රී ලංකාවේ වෙළඳ හා සේවා අංශයේ නියුක්තව සිටින සියලුම ආයතන සළකා බැලීමේදී ඉන් බහුතරය නිරත වන්නේ තොග සහ සිල්ලර වෙළඳාමෙහි සහ මෝටර් වාහන හා මෝටර් සයිකල් අළුත්වැඩියා කිරීමෙහි බවට අනාවරණය වෙයි. එය 41.8%ක ප්රතිශයතයකි.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 දී සිදුකරන ලද නවතම වාර්ෂික වෙළෙඳ සේවා සමීක්ෂණයේදී මේ බව හෙළිවී ඇත.
ඒ අනුව මෙරට වෙළඳ හා සේවා අංශයේ නියුක්ත මුළු කුඩා, මධ්‍යම හා මහා පරිමාණ ආයතන සංඛ්‍යාව 57,639කි.
මීට අමතරව 19.9%ක් අධ්‍යාපන ක්ෂේත්රයේ නිරත වේ.
සමස්ත සංඛ්‍යාවෙන් 12.0%ක් නවාතැන් පහසුකම් හා ආහාර සේවා සැපයීමේද නිරත වන බව එම දත්ත පෙන්වා දේ.

අනෙකුත් සේවා ක්‍රියාකාරකම් හා සසඳන විට පරිපාලන සහ උපකාරක සේවා ක්‍රියාකාරකම්වල ඇති ආයතන සංඛ්‍යාව 1,439ක් වන අතර එය අඩු අගයක් ගත්ත ද, එය සාපේක්ෂව ඉහළ පුද්ගලයින් සංඛ්‍යාවක්, එනම් 124,455ක් සේවයේ යොදවා ඇත.

සියලුම ආර්ථික අංශ අතරින්, ආයතන සංඛ්‍යාවක් සහ නියැලී සිටින පුද්ගලයින් සංඛ්‍යාව අතින් අවමය වාර්තා වන්නේ නිශ්චල දේපල අංශයෙනි.
