මෙරට ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව ඇතිකරන්න UN එයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහතික කිරීම සඳහා මෙරට රජයට පූර්ණ සහය ලබාදීමට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ඉදිරිපත්ව සිටී .

කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා වඩා ආරක්ෂිත ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම සඳහාද තම සංවිධානය ශ්‍රී ලංකා රජයට සහය දක්වන බව එහි මෙරට නියෝජිත රිට්සු නැකාන් මහත්මිය අවධාරණය කර සිටී .

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි ජාතීන්ගේ සංසදය හා ජගත් ජනගහන අරමුදල එක්ව සංවිධානය කල උත්සවයකට එක්වෙමින් නැකන් මහත්මිය අද දින මේ බව ප්‍රකාශ කලාය .

කෙසේ වෙතත් මෙම ස්ත්‍රී පුරුෂ සමානත්වය අතින් ශ්‍රී ලංකාව සෙසු දකුණු ආසියානු රටවලට සාපේක්ෂව යහපත් මට්ටමක සිටින බවද ඇය මෙහිදී පැවසුවාය