මෙරට සිදුවූ කොවිඩ් මරණ 850ක් දක්වා ඉහළට 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇතැයි ඊයේ (11) තහවුරු වී තිබේ.
එම මරණ මැයි 05 වනදා සිට ඊයේ  (11) දක්වා වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 850කි.
මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්‌ ගණන 2,500 ඉක්මවමින් තුන්වැනි දිනටත් ඊයේ (11) 2,530ක් හමුවී තිබේ.
විදේශවලින් පැමිණ මෙරට නිරෝධායනය වෙමින් සිටියදී කොවිඩ් ආසාදිතයින්‌ බවට තහවුරු වූ පුද්ගලයන් ද ඊට අයත් වේ.
මේ අනුව මෙරටින් හමුවූ මුළු ආසාදිතයින්‌ ගණන 131060 කි.
ඉන් 106641 ක් සුවවී ඇත.