නවතම පුවත්

මෙරට සියදිවි හානිකරගැනීම් ගෙවුණු වසරේදී ඉහළ ගිහින්

අසංක

අසංක

සටහන – දම්පත් රණසිංහ

මෙරට පුද්ගලයින් සිය දිවි හානිකර ගැනීම් පෙර වර්ෂවලට සාපේක්ෂව 2021 වසරේ ඉහළ ගොස් තිබේ.

පොලිස් මූලස්ථානයේ අලුත්ම සංඛ්‍යා දත්තයන්ට අනුව 2021 වසරේ පිරිමින් 2632 දෙනෙක් සහ කාන්තාවන් 647 දෙනෙක් වශයෙන් පුද්ගලයින් 3279 දෙනෙක් සියදිවි හානිකරගෙන ඇත.

2020 වසරේ සියදිවි හානිකර ගැනීම් වාර්තා වී ඇත්තේ 3074 දෙනෙකි. 2019 වසරේ එම ගණන 3135ක් වන අතර 2018 වසරේදී එම ගණන වාර්තා වන්නේ 3281ක් වශයෙනි.

පොලිිස් මූලස්ථානයේ දත්තයන්ට අනුව 2017 වසරේ මෙරට සමස්ත සියදිවි හහානිකර ගැනීම් වාර්තා වී ඇත්තේ 3263 දෙනෙකි. 2016 වසරේ එම ගණන 3025 කි. 2015 වසරේදී සියදිවි හානිකර ගෙන ඇත්තේ 3054 දෙනෙක් පමණි. 2014 දී එම ගණන 3144 දෙනෙකි.

පොලිිස් මූලස්ථානයේ අලුත්ම සංඛ්‍යා දත්තයන්ට අනුව පෙනී යන්නේ 2021 වසරේ සියදිවි හානිකරගත් 3279 දෙනා අතරින් 2290 දෙනෙක්ම ඒ සඳහා යොදාගෙන ඇත්තේ ගෙල වැලලා ගැනීම් බවය. එසේම කෘමි නාශක හෝ වල් නාශක භාවිතයෙන් සිය පණ නැතිකරගත් පුද්ගලයින් ගණන 600 දෙනෙකි.

මේ අතරින් වැඩි දෙනෙක් සිය දිවි හානිකර ගැනීමට මුල්වී ඇත්තේ පවුල් ආරවුල්ය. 614 දෙනෙක් පවුල් ආරවුල් මුල්කරගෙන සියදිවි හානිකර ගෙන ඇති අතර නිදන්ගත රෝගවලින් පීඩා විදි පුද්ගලයින් ඒ හේතුවෙන් සියදිවි හානිකර ගැනීම්ද 430ක් 2021 වසරේ වාර්තා වී තිබේ.

ආර්ථික ප්‍රශ්න මුල්කරගෙනද පුද්ගලයින් සියදිවි හානිකර ගන්නා අතර 2021 වසරේ ආර්ථික ප්‍රශ්න මුල්කරගෙන සියදිවි හානිකරගෙන ඇත්තේ පිරිමින් 154 දෙනෙක් සහ කාන්තාවන් 18 දෙනෙක් වශයෙන් පුද්ගලයින් 172 දෙදෙනෙකි.

සියදිවි හානිකර ගන්නා පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙක් විවහාකයන් වන අතර 2021 වසරේ විවහාකයන් 2391 දෙනෙක් සියදිවි හානිකරගෙන ඇත.

මෙරට වසරකට සියදිවි හානිකර ගන්නා අය අතර වැඩි දෙනෙක් සිටින්නේ බෞද්ධයන් වන අතර ඊට පසු වැඩියෙන්ම සිටින්නේ හින්දු අයයි.

බෞද්ධයන් 2250 දෙනෙක් 2021 වසරේ සියදිවි හානිකරගෙන ඇති අතර හින්දු භක්තිකයන් සියදිවි හානිකරගෙන ඇත්තේ 894 දෙනෙක් පමණි. එසේම ජාතීන් වශයෙන් සැළකීමේදී වැඩියෙනම සියදිවි හානිකරගෙන ඇත්තේ සිංහලයන් වන අතර එම ගණන 2334 දෙනෙකි. දෙවැනියට වැඩියෙන්ම සියදිවිහානිකරගෙන ඇත්තේ ලංකා දෙමළ අයයි. එම ගණන 822 දෙදෙනෙකි.

2021 වසරේ සියදිවි හානිකරගෙන ඇති අයගෙන් වැඩි දෙනෙක් රැකියා විරහිතයන්ය. එම ගණන 1136 කි. ඊට පසුව වැඩියෙන්ම සියදිවි හානිකර ගන්නේ කෘෂිකාර්මික හා නිෂ්පාදන ක්‍රියාවලියේ නිරතව සිටින්නන්ය. සංඛ්‍යාදත්තයන්ට අනුව කෘෂිකාරිමික ක්ෂේත්‍රයන්ගේ රැකියාවල නිරතව සිටින්නන් 472 දෙදෙනෙක්ද, නිෂ්පාදන ක්‍රියාවලියේ නිරතව සිටින්නන් 205 දෙනෙක්ද 2021 වසරේ සියදිවි හානිකරගෙන ඇත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී