මෙරට 15 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

Picture of අසංක

අසංක

මෙරට තුළ 15 වන කොරෝනා ආසාදිත මරණය අද (24) වාර්තා වී තිබේ.

කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම පුද්ගලයා හෘදයාබාධ රෝගී තත්ත්වයකින් පසුවූ අයෙකි.

ඊට ප්‍රතිකාර සඳහා පසුගිය 14 වනදා රෝහලට ඇතුළත් කර ඇත.

පසුව 16 වන දින ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.