මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වූයේ කොවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල්තැන දෙමිනි.
උදෑසන 07 වන විට දිවයිනේ සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු ඇරඹිණි.
ඒ අනූව අද උදෑසන සිට ඡන්ද මධ්‍යස්ථානවලට ජනතාව සෞඛ්‍යාරක්ෂිතව මුඛආවරණ පැළද පැමිණ ඡන්දය ප්‍රකාශ කරන අයුරු දර්ශනය වෙයි.
සියලු ඡන්ද මධ්‍යස්ථානවල මීටරේ දුර පවත්වාගනිමින් ඡන්දය ප්‍රකාශ කිරීමට අදාල උපදෙස් ක්‍රියාත්මක විය.
ඡන්ද මධ්‍යස්ථානවල සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් විශේෂ කුටිවල සිට ඡන්දපොළ නිලධාරීන් සිය රාජකාරී කටයුතුවල නියැළෙන අයුරු දක්නට ලැබුණි.
අද උදෑසන වන විට පොලිස් මුර සහ ජංගම මුර සංචාර සිදුකරයි.
සියලුම ඡන්ද මධ්‍යස්ථාන මුළුමනින්ම විෂබීජ හරණය කර ඇත.