මෙවර මහඡන්ද ප්‍රතිඵලය බුද්ධි අංශ වාර්තාත් බොරු කරයි

Picture of අසංක

අසංක

මෙවර මහමැතිවරණය වෙනුවෙන් බුද්ධි අංශ නිකුත් කළ වාර්තාව ද අභිබවා ඡන්ද දායකයන් 75%ක් ඡන්ද ප්‍රකාශ කර තිබේ.

බුද්ධි වාර්තා පෙන්වා දී තිබුණේ පවතින තත්ත්වය හමුවේ මහමැතිවරණයට ඡන්ද දායකයන් 50-60%ත් අතර සංඛ්‍යාවක් ඡන්ද ප්‍රකාශ කරනු ඇති බවයි.

සෑම මැතිවරණයකටම පෙර බුද්ධි වාර්තාවක් නිකුත් කරනු ලබන අතර මින් පෙර සිදුවූයේ එම වාර්තාවට සමීප ප්‍රතිඵලයක් මැතිවරණ ප්‍රතිඵල බවට පත්වීමයි.

බොහෝවිට එම බුද්ධි වාර්තා මැතිවරණවල සැබෑ ප්‍රතිඵල කලින්ම පෙන්වාදුන් අනාවැකි බඳු ඒවා විය.