මෙහෙකාරකමට ගත් ළමුන් සොයා පොලිස් මෙහෙයුමක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ළමයින් මෙහෙකාර සේවයේ යොදා ගන්නා ස්ථාන සොයා රට පුරා පොලිස් මෙහෙයුම් ආරම්භ කෙරේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත  සඳහන් කළේ ඊයේ (27) සිට කොළඹ නගරය හා බස්නාහිර පළාත තුළ අද දිනයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවය.

ළමයින් මෙහෙකාර සේවයට රැගෙන එන තැරව්කරුවන්ට ද මෙහිදී නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු මෙහිදී  සඳහන් කළේ ය.