මෙහේ 20 ගැන ජිනීවාවලටත් ප්‍රශ්නයක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා රජය ගෙනඒමට යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මානව හිමිකම් කවුන්සිලය වැනි ප්‍රධානපෙළේ ස්වාධීන ආයතනවලට සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂ්ලේ මහත්මිය ප්‍රකාශ කර ඇත.

මානව හිමිකම් කවුන්සිලයේ 45 වන සැසිවාරය ආරම්භ කරමින් ඇය මේ බව කියා සිට ඇත .

වින්දිතයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ නීතිඥවරුන් බියගැන්වීම් හා සෝදිසි කිරීම් වහාම නතර කළ යුතු බවද ඇය මෙහිදී සඳහන් අර ඇත

සාමය, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනයට ඇති තර්ජන වළක්වා ගැනීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව කෙරෙහි නව අවධානයක් යොමු කරන ලෙස මිෂෙල් බැෂ්ලේ මහත්මිය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබේ