මේ මාසේ තෙල් හිඟයක් නැහැ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙම මාසයේ පරිභෝජනය සඳහා අවශ්‍ය වෙතැයි අපේක්ෂා කෙරෙන පෙට්‍රල් සහ ඩීසල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි .

එහි සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ මේ හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ ඉඩකඩක් නොමැති බවය. එබැවින් අනවශ්‍ය කලබලයකින් තොරව අවශ්‍ය ඉන්ධන ලබාගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී