හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට, විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව රජය ඉහළ තනතුරක් ලබාදීමට සැලසුම් කර ඇත.
දැනටමත් ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බවත් රජයේ සියලු පාර්ශවවල අනුමැතිය ඊට ලැබී ඇති බවත් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා අප වෙබ් අඩවියට පැවසීය.
එසේම රජය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ යෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ඒ සදහා කමිටුවක් පත් කර ඇති බවත් ජයසේකර මහතා පැවසීය.
එම කමිටුවේ සභාපතිවරයා ලෙස ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා තෝරා පත්කරගෙන ඇත