පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු පැවරිමේ හැකියාවක් ඇති බව හ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ප්‍රකාශ කර සිටී .
ඔහුට මුක්තිය ඉල්ලා සිටීමේ බාධාවක් නොමැතිවා මෙන්ම නඩු පැවරීමේ නොහැකියාවක්ද නොමැති බව මහානාමහේවා මහතා අද දින මාධ්‍ය වෙත පැවසීය
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය
”ජනාධිපතිවරයා ලෙස කළ නොකර හැරීමක් හෝ ඔහු විසින් කරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් මුක්තිය ඉල්ලා සිටින්න පුළුවන්. ඔහුට විරුද්ධව නඩු පැවරුවොත් ඔහුගේ නීතිඥයින් විසින් ඔහුට මුක්තියක් තියෙනවා කියලා ඔහුගෙන් විත්තිවාචකයක් ගෙන එයි. නමුත් අපි දන්නවා වෝටර්ස් එජ්වගේ නඩු තියෙනකොට ධුරයෙන් ගියත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙත නඩු පැවරුවා. වන්දි ගෙවන්නත් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ ඉහළින්ම තියෙන්නේ මහජන භාරය. මහජන භාරය කියන එක ව්‍යවස්ථාවට යටපත් කරන්න බැහැ කියල.”