“මොඩර්නා” එන්නතට නව කොවිඩ් ප්‍රභේද මර්ධනය කළ හැකියි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බ්‍රිතාන්‍යයෙන් සහ දකුණු අප්‍රිකාවෙන්  හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදවලට එරෙහිව ප්‍රතිශක්තිය නිපදවීමට මොඩර්නා කොරෝනා මර්දන එන්නතට හැකියාව ඇතැයි නවතම අධ්‍යනයකින් අනාවරණය වී ඇත .

අමෙරිකානු ඖෂධ  විද්‍යාඥයින් පිරිසක් නිකුත් කල වාර්තාවක දැක්වෙන්නේ  මොඩර්නා එන්නතෙන්, ක්‍රියාකාරී වන ප්‍රතිදේහවලට නව කොරෝනා වෛරස් ප්‍රභේද හඳුනාගෙන ඊට එරෙහිව සටන්වැදීමට හැකි බවයි.

කෙසේ වෙතත් මේ ගැන තවදුරටත්  තහවුරු කරගැනීමට වැඩි දුර  අධ්‍යයනයන් සිදුකරන බවද   එම වාර්තාවේ දැක්වේ.