යහපාලන ආණ්ඩුවේ වංචා හොයන කොමිසමට අද රාජිත

Picture of අසංක

අසංක

වත්මන් රජය සමයේ දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම හමුවට අද දින සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැඳවීමට නියමිත ය.

ඒ අනුව අද දහවල් 1.30 ට අමාත්‍යවරයාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බව වාර්තාවේ .

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල විධිමත්ව රජයට පවරා නොගෙන රජයේ මුදල් වැය කරන බවට ලැබී ඇති පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අමාත්‍යවරයා මෙලෙස කොමිසම හමුවට කැඳවනු ඇත.

එම පැමිණිල්ල කර ඇත්තේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමගයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසිනි.