දම්පත් රණසිංහ
මෙරට තුළ කොවිඩ්- 19 වෛරසය ආසාදිතයන් හමුවීම සහ කොවිඩ් මරණ ඊයේ (28) වනවිිට ඉහළයාමක් පෙන්නුම් කර තිබේ.
ඊයේ (28) වාර්තා වූ එනම් පෙරේදා දිනය තුළ සිදුවූ කොවිඩ් මරණ ගණන 63කි. ඒ අනුව මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 4258කි.
එමෙන්ම ඊයේ දිනය තුළ තහවුරු වී ඇති ආසාදිතයන් ගණන 1919 ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.
ඒ අනුව මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිත වූවන්ගේ ගණන 301,811 කි.