නවතම පුවත්

යළිත් සතියේ දින පහේම පාසල් පැවැත්වීමේ තීරණයක්

අසංක

අසංක

ඉදිරියේදී සතියේ දින 5 දීම පාසල් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ වන විට ඉන්ධන සැපයීම විධිමත්වීම සහ විශේෂ පාසල් බස්රථ සේවාවන් ආරම්භ කිරීම හරහා පාසල්වලට ගුරු සහ සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්වයට පත්ව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා විෂය නිර්දේශ ආවරණය කිරීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙවර උසස් පෙළ විභාගය දෙසැම්බර් මුල සතියේ පැවැත්වීමට සැළසුම් කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

2021 වර්ෂයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රථිඵල ඉදිරි සති දෙක තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

අගෝස්තු 15 වන දින ඒම ප්‍රථිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වී සිටියද රටේ පැවති අයහපත් වාතාවරණය නිසා ප්‍රායෝගික පරීක්ෂණ නියමිත දිනට නොපැවැත් වූ බැවින් මෙම ප්‍රමාදය ඇති වූ බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා , වර්ෂ දෙකේදී දින 400ක් පාසල් පැවැත් වේ.

මේ වසරේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සඳහා බස්නාහිර පළාතෙන් පිට දින 309ක් සහ , බස්නාහිර පළාතේ දරුවන් සඳහා දින 245ක් පාසල් පවත්වා ඇත.

ඒ අනුව ඉදිරි මාස තුන තුළදී ඉතිරි පාසල් දින ගණන සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

සියළුම විශ්ව විද්‍යාල ආචාර්ය සහ මහාචාර්යවරුන් සම්බන්ධකරගනිමින් පාසල් සඳහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ගුරු මණ්ඩලය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සකස් කර ඇති බවත් උසස් පෙළ විෂය පථය සම්බන්ධයෙන් යම් මග හැරීමක් ඇත්නම් ඒ සියළු කරුණු ඉදිරි මාස තුන තුළදී සම්පූර්ණ කර ගැනීමට බලාපොරොත්තු වන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැහැදිළි කළේය.

Chinese-tourists
යුද්ධයෙන් පසු මෙරට වැඩිම සංචාරක පැමිණී‍මේ වාර්තාව අභියස
colombo-port-file-1024x704
ලොව හොඳම වරාය බවට කොළඹ වරාය පත්වෙයි
image-17
සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි!
interest rates 2024
පොලී අනුපාතවල වෙනසක්
image-16
ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්
Exports Increasing Meaning Business Graph And Financial
අපනයන ආදායම ඩොලර් බිලියනය පනී !
image-15
"නිල් තිර මරණය" (Blue Screen Death) ගැන සම්පූර්ණ විස්තරය මෙන්න !
WhatsApp-Image-2024-07-18-at-15.49
බැඩ්මින්ටන් පුහුණුවට මෙරටට එන්න එතෙරින් ඉල්ලුමක්….
image-14
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට!
image-13
මහ බැංකුව ඩොලර් විකුණයි !