උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට පමණක් හෙට උදෑසන 6ට ලිහිල් වීමට නියමිතව තිබූ ඇදිරි නීතිය යළි දැනුම් දෙනතුරු දීර්ඝ කර තිබේ.
උතුරු පළාතේ සෙසු දිස්ත්‍රික් වන කිලිනොච්චිය මුලතිව් මන්නාරම, වව්නියාව දිස්ත්‍රික් වලට පෙර දැනුම් දුන් පරිදි හෙට පෙරවරු 6.00 සිට 12.00 දක්වා ඇඳිරි නීතිය ලිහිල් කෙරේ.
පවතින තත්වය සලකා බලා යාපනය දිස්ත්‍රික්කයට පමණක් ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇත.