පැතුම් වික්‍රමරත්න
එයාර් ඉන්දියා ගුවන් සේවයට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන එලායන්ස් එයාර් සමාගම ලබන සඳුදා පටන් යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව සඳුදා, බදාදා සහ සෙනසුරාදා දිනවල සෘජු ගුවන් මෙහෙයුම් ආරම්භ කරන බවද බව ගුවන් සමාගම ප්‍රකාශ කර සිටී.
යාපනයේ සිට ගමන් අරඹන ගුවන් යානය පස්වරු 12.45 ට පිටත් වී පස්වරු 2.10 ට චෙන්නායි වෙත ළඟාවනු ඇති බවත් ,චෙන්නායි සිට ගමන් අරඹන ගුවන් යානය චෙන්නායි සිට පෙරවරු 1035 ට මධ්‍යාහන 1200 යාපනයට පැමිණේනු ඇති බවත් ගුවන් සාමාගම නිවේදනය කර සිටී ..
මෙම ගුවන් ගමන් ගාස්තු , ඩොලර් 40 සිට ආරම්භ වන බවද සමාගම පවසයි.