යාපනය නගරාධිපති අත්අඩංගුවට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් ඊයේ රාත්‍රියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

වැඩිදුර විමර්ශන සඳහා නගරාධිපතිවරයා ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශය වෙත යොමු කර ඇති බවද පොලිසිය සඳහන් කර ඇත

.යාපනය නගර සභාව විසින් පොලිස් බලකායක් පිහිටුවා ඔවුන්ට අතීතයේ තිබූ කොටි පොලීසියට සමාන අන්දමේ ඇදුම් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපතිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කර සිටී  .

නගරාධිපතිවරයා අත්අත්ඩංගුවට පත්වීමට පෙර මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියේ යාපනය නාගරික පොලිස් බලකායේ රාජකාරිය වන්නේ නගරය තුළ කැලි කසල දමන්නන් අධීක්ෂණය කිරීම, දඩ මුදල් එකතු කිරීම, වාහන හැසිරවීම, කොරෝනා නීතිරීති කඩ කරන්නන් සම්බන්ධයෙන් සොයා බැලීම බවය . මේ කටයුතු පහසු කර ගැනීම සදහා එවැනි බලකායක් පිහිටවූ බවද ඔහු එහිදී සඳහන් කර සිටියේය

නමුත් මේ සම්බන්ධයෙන් යාපනය මහ නගර සභාවේ අනුමැතියක් ලබා නොගැනීම සෙසු පක්ෂ දැනුවත් නොකිරීම යන කාරණා මත ඊයේ පැවති යාපනය මහ නගර සභාවේ සභා වාරයට ඊ.පී.ඩී.පී.සංවිධානය සහභාගී වීමෙන් වැළකී සිටියේය

යාපනය පොලීසිය විසින් මීට පෙර නගරාධිපතිවරයාගෙන් මූලික වශයෙන් ප්‍රශ්න කළ අතර ඉන් පසුව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඔහුගෙන් පැය හයක කාලයක් ප්‍රශ්න කොට ඇත.

එම ප්‍රශ්න කිරීම වලින් පසුව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් යාපනය නගරාධිපතිවරයාව වවුනියාවේ පිහිටි පොලිස් ත්‍රස්ත විමර්ශන කාර්යාලය වෙත රැගෙන විත් ඇති අතර එහි නිලධාරීන් එම සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි