යාල ප්‍රශ්නයක් විසඳෙයි – ටිකට් ඔන්ලයින්

Picture of අසංක

අසංක

යාල වනෝද්‍යායට ඇතුළු වීමේ දී අධික තදබදය අවම කිරීමට අද සිට විද්‍යුත් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේ අදාල ප්‍රවේශ පත්‍ර ලබා ගැනිමේ හැකියාව පවතින බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

යාල වනෝද්‍යානයට ඇතුළු වීමේදී ඇතිවන තදබදය හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන් පැය ගණනක් එහි රැඳී සිටීම නිසා වරින් වර අර්බුදකාරී සිද්ධීන් ද පසුගිය දා වාර්තා විය.