ප්‍රබෝධා හෙට්ටිආරච්චි
“යාස්” සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්චා වර්ධනය චනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එම පද්ධතියේ බලපෑම හේතුවෙන් මැයි මස 25 සිට 27 දක්වා දිනවලදී දිවයින හරහා හමන සුළං තත්වයේ සහ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල එනම් බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තන්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ.
ඉදිරි දිනවල දිවයිනට බලපාන වැසි තත්ත්වය පහත පරිදි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.