යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ඝාතනය කිරීමේ වගකීම භාර් ගනිමින් එරට තුලට කුලී ඝාතකයින් කණ්ඩායමක් ඇතුල්වී ඇති බවට විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටී .
400 දෙනෙකු ගෙන් යුත් මෙම කණ්ඩායම වැග්නර් ගෘප් හෙවත් වැග්නර් සමාගම ලෙස හැඳින්වෙන අතර මෙම කණ්ඩායම අප්‍රිකානු කලාපය, ඉරාකය සහ සිරියාව තුල සිය මෙහෙයුම් සිදුකර ඇත .
පුද්ගල පැහැර ගැනීම්, මංකොල්ලකෑම් ඇතුළු දරුණු ගණයේ අපරාධ සිදුකිරීම සඳහා මනා පුහුණුවකින් හෙබි මෙම කුලී හමුදාව මිට සතියකට පමණ ඉහතදී යුක්රේනය තුලට ඇතුල් වී ඇති බව වාර්තාවේ .
යුක්රේනයේ ජනාධිපතිවරයා, ඔහුගේ පවුලේ සාමාජිකයින්, යුක්රේන රජයේ ප්‍රධාන පෙලේ තනතුරු දරන්නන් ඇතුළු 24 දෙනෙකු ගෙන් යුත් ඝාතන ලැයිස්තුවක් මෙම කුලී හමුදාවට ලබාදී ඇත.
මෙම වැග්නර් සමාගමේ නායකයා වන්නේ දිමිත්‍රි යුට්කින් වන අතර ඔහු රුසියාවේ විශේෂ බලකාය වන ස්පෙට්නාස් හි ලුතිනන් කර්නල්වරයෙකු ලෙස සේවය කරනු ලැබුවෙක් ද වේ. .