යුරෝපයේ පැතිරීගිය වෛරස් ප්‍රභේදයට වඩා ඉතාම සීඝ්රයෙන් මෙවර ශ්‍රී ලංකාව තුල වෛරසය පැතිර යාම ආරම්භ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා අනතුරු අඟවා සිටී
රෝගීන් වාර්තා වීම මෙලෙස දිගින් දිගටම සිදු වූවොත් එය දරාගත නොහැකි තත්වයකට පත් වන බව ද රෝහල් ධාරිතාව ඉක්මවා යමින් රෝගීන් වාර්තා වුවහොත් එය විශාල ඛේදවාචකයක් විය හැකි යැයි ද ඔහු මාධ්‍ය වෙත අද අවධාරණය කර ඇත
කොරෝනා ව්‍යාප්තිය වැඩි විය හැකි නිසා තවත් බොහෝ දෙනකු ඊට ගොදුරු වී මිය යාමෙන් බේරා ගැනීමට ඉතා සැලකිල්ලෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි ද ඔහු අවධාරණය කරයි.