යුරෝපයේදී කොවිඩ් ඉහල යනවිට , දකුණු අප්‍රිකාවේදී පහත වැටේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක් දිනකදි රටකින් වාර්තාවූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කරමින් අමෙරිකා එක්සත් ජනපදයෙන් ඊයේ දිනයේදී නව කොවිඩ් ආසාදිතයින් 572,029ක් වාර්තා වී ඇත

මේ අත ඊයේ දිනයේදී ගෝලීයව හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 1.8ක් ඉක්මවා ඇති බවයි ගෝලීය කොවිඩ් දත්ත පෙන්නුම් කර සිටි.

කොවිඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරනු ලබන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග අමෙරිකාව සහ යුරෝපයේ රටවල් වලට මේ වන විට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි වෛද්‍ය විශේෂඥයින් සඳහන් කරන්නේ.

කොවිඩ් ව්‍යාප්තියේ ආරම්භයෙන් පසු දිනක් තුල වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වාර්තා කරමින් පළමු වරට ප්‍රංශයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 206,243ක් වාර්තා වූ අතර බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 189,213ක් වාර්තා වූ බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මිට අමතරව ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 161,688ක්, ඉතාලියෙන් 126,888ක්, ජර්මනියෙන් 41,820ක්, කැනඩාව 39,836ක්, පෘතුගාලයෙන් 28,659ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ අතර අදට යෙදී ඇති නව වසරේ උදාවත් සමග ඉදිරි සති කිහිපයේදී කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම තවත් ඉහළ යනු ඇති බවයි වෛද්‍ය පර්යේෂකයින් අනාවැකි පළකර සිටින්නේ.

කෙසේ වෙතත් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආරම්භය සිදුවූ දකුණු අප්‍රිකාව තුල මේ වනවිට කොවිඩ් ව්‍යාප්තිය පහත වැටී ඇත . ඒ අනුව එරට පනවා තිබු කොවිඩ් පාලන නීති කිහිපයක් ලිහිල් කිරීමටද එරට රජය තීරණය කර ඇත .