යුරෝපයේ කොවිඩ් ව්‍යාප්තිය තවත් ඉහළට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුරෝපා කලාපය, යළිත් කොරෝනා ව්‍යාප්තියේ අධි අවදානම් තත්ත්වයකට පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුර අඟවා සිටී . මෙම ප්‍රවණතාව අඛණ්ඩව පැවතුනහොත් යුරෝපා මහද්වීපයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ශීත ඍතුවේදී මිලියන 2 ඉක්මවා යනු ඇති බවටද  එම සංවිධානය අනතුරු අඟවා ඇත .

එමෙන්ම කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තිය පාලනය කිරීමට යුරෝපානු රටවල් ක්‍රමවත් පිළිවෙතක් අනුගමනය නොකළහොත් ලබන මාර්තු මස වනවිට යුරෝපයෙන් කොරෝනා මරණ ලක්ෂ 7 ක් පමණ වාර්තා වනු ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

තවත් කොරෝනා රැල්ලක ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යුරෝපා රටවල් මේවනවිට ප්‍රබල සටනක නිරත වී සිටින අතර  ඒ අනුව කොරෝනා ව්‍යාප්තියේ දැඩි අවදානමකට මුහුණ පා සිටින්නේ ජර්මනිය, ඔස්ටි්‍රයාව, පෝලන්තය, බෙල්ජියම, නෙදර්ලන්තය, ප්‍රංශය හා ඉතාලියයි.

පවතින තත්ත්වය අනුව කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් කඩිනම් කිරීමට යුරෝපා රටවල් මේවනවිට සැලසුම් කර ඇත. මේවනවිට යුරෝපා කොමිසමට අයත් රටවල සමස්ථ ජනගහනයෙන් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇත්තේ සියයට 67 යි දශම 7 ක ප්‍රතිශතයක් පමනි .