යොහානි ඉන්දියාව හොල්ලයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වාගේ ප්‍රථම ඉන්දීය සජීවී සංගීත සංදර්ශනය ඊයේ පැවැත්වූ අතර මේ වනවිට එම ප්‍රසංගයේ වීඩියෝ දර්ශනද ඉන්දියාවේ  සමාජ මාධ්‍ය පුරා අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇත .

ශ්‍රී ලාංකික ගායිකාවක් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ සජීවී සංගීත සංදර්ශනයක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙය ලෙස ද වාර්තා වන අතර .එම සංගීත ප්‍රසංගය නවදිල්ලියේ  ස්දීටුඩියෝ xo හිදී , ඊයේ (30) සවස 6ට ආරම්භ වීය .

ඇය එරටදී  සහභාගිවන දෙවන ප්‍රධාන පෙලේ සංගීත ප්‍රසංගය අනිද්දා (03) දින  හයිද්‍රාබාද් හීදී පැවැත්වීමට නියමිතය .

පසුගිය 29 වන දා ශ්‍රී ලංකාවෙන් එම සංගීත සංදර්ශනය සඳහා පිටව ගිය යොහානි ව පිළිගැනීමට දිල්ලියේ 450,000ක් පමණ වු ජනකායක් පැමිණ සිටි බව වාර්තා වේ.

සංගීත සංදර්ශනය ට සහභාගිවීමට පෙරම යොහානි ට අමෙරිකානු ඩොලර් ලක්ෂ 5කට අධික මුදල් ත්‍යාග හිමිවු බව ද සඳහන් වන අතර යොහානිව පිළිගැනීම සඳහා දිල්ලි ගුවන්තොටුපොළ වෙත බොලිවුඩ් සිනමා තරු හා ව්‍යාපාරිකයින් රැසක් පැමිණ සිටි බව ද වාර්තා වේ.

ඉන්දීය රූපවාහිනී ආයතන හා ප්‍රධාන අන්තර්ජාල මාධ්‍ය රැසක්ම සම්මුඛ සාකච්ජා සඳහාද යෝහානිට ආරාධනා කර තිබු අතර එම සම්මුඛ සාකච්ජාවන්ද මේ වනවිට එරට සමාජ මාධ්‍ය පුරා අතිශයෙන් ජනප්‍රිය වී ඇත .

බොලිවුඩය ජයගත් ශ්‍රී ලාංකික නිලි ජක්ලයින් ෆර්ඩිනන්ඩස් ද යොහානිගේ ඉන්දීය සංචාරය වෙත සුභ පැතුම් එක්කර ඇති බව වාර්තාවේ

 

YouTube player

.