රජයේ සුරැකුම්පත්වල කර ඇති විදෙස් ආයෝජනයන් හි ඉහළ යාමක් පසුගිය සතිය තුළ දී වාර්තාවන බව ශ්රී ලංකා මහා බැංකුව සඳහන් කර සිටී
ශ්රී ලංකා මහ බැංකුවේ ප්රකාශනයක දැක්වෙන පරිදි 2021 දෙසැම්බර් 29 දිනට රජයේ සුරැකුම්පත්වල ඇති විදෙස් ආයෝජන ප්රමාණය රු. මිලියන 1,723 ක් විය.
මෙම අගය 2022 ජනවාරි 05 දින වන විට රු. මිලියන 1,914 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ගෙවී ගිය සතිය තුළ දී රු. මිලියන 161 ක විදෙස් ආයෝජන ප්රමාණයක් රජයේ සුරැකුම්පත් වෙත ලැබී ඇති බව නිරීක්ෂණය වේ.