රජය , ජීවන වියදමේ පීඩනය අඩුකරන්නේ මෙහෙමයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජීවන වියදමේ පීඩනය සැහැල්ලු කිරීමට මෙවර අයවැයෙන් තීරණ කිහිපයක් ගෙන තිබේ.

ඒ අනුව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ආර්ථිකව දිළිඳු තත්ත්වයේ පසුවන පවුල් හඳුනාගෙන ඔවුන් සඳහා සහන මල්ලක් ලබාදීමට යෝජනා වී ඇත.

එය ක්‍රියාත්මක කිරීම සඳහා අයවැයෙන් රුපියල් මිලියන 15,000ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

මේ අතර, ගැබිනි මාතාවන් ට මාස 10ක් දක්වා ලබාදෙන රු 10,000ක් වටිනා පෝෂණ මල්ල මාස 24ක් එනම් වසර දෙකක් දක්වා දීර්ඝ කර අඛණ්ඩව ලබාදීමට යෝජනා කර ඇත.

එම වැඩසටහන සඳහා දැනට වෙන්කර ඇති රුපියල් මිලියන 4,000ක ප්‍රතිපාදනවලට අමතරව රුපියල් මිලියන 1,000ක් වෙන් කර තිබේ.