රටටම එන්නත් දීම තව මාස දෙකයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන එළඹෙන නොවැම්බර් මාසයේ දෙවන සතිය වනවිට අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් විශ්වාසය පළ කර සිටී .

ඒ සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත මෙසේ පැවසීය ,

”ෆයිසර් එන්නත හරහා , අපගේ රටට අවශ්‍ අනෙකුත්ය  සියලුම එන්නත් ,මේ වනවිට මෙරටට ලැබී අවසන් .එම  ෆයිසර් එන්නත් ප්‍රමාණයත්  , අප ඇණවුම් කර අවසන් එය ඉදිරි  දින කිහිපය තුල මෙරටට ලැබේවි , තුන්කෝටි පහළොස් ලක්‍ෂයකට අධික එන්නත් ප්‍රමාණයක් දැනට මෙරටට ලැබී තිබෙනවා . , මෙරට  එන්නත් ක්‍රියාවලිය ලොව සාර්ථකම එන්න්නත් ක්‍රියාවලියක් ලෙස සැලකෙනව , ජනාධිපතිවරයාගේ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ මෙසේ සාර්ථකත්වයක් අත්කර ගන්නට අපට හැකිවුනා