රට ලොක්ඩවුන් කිරීමක් සිදුනොවන නමුත් ආසාධිතයන් හමුවීම ඉහළ යන ග්‍රාම නිලධාරී කොට්ඨාස, ප්‍රාදේශීය බල ප්‍රදේශ අගුලු වැටීමේ අවදානමක් පවතින බැවින් ජනතාවට ඊට සූදානමින් පසුවන්නැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අප වෙත පැවසීය.
සමාජ මාධ්‍ය ඔස්සේ රට ලොක්ඩවුන් කරන බවට හමුදාපති ප්‍රකාශ කර ඇතැයි පැතිරයන ප්‍රකාශයට පිළිතුරු දෙමින් හෙතම මේ බව කීය.
ග්‍රාමීය වශයෙන් හෝ ප්‍රාදේශීය වශයෙන් අගුලු දැමීම්වල දී ඔවුන්ට සිදුවන අපහසුතා මගහැරීමට අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය නිවසේ තබා ගන්නැයි ජනතාව දැනුවත් කරනු ලැබූ බව ද යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.