රටම වහන්න වුණොත් සූදානම් වන්නැයි  අත්‍යවශ්‍ය සේවා සපයන්නන්ට බැසිල් කියයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

 පැතුම් වික්‍රමරත්න
කොරෝනා ව්‍යාප්තියේ ඉහල යාමත් සමග මේ මොහොතේ  , රට වසා දැමීමට සිදු වුවහොත් ඒ සඳහා සූදානම් වී සිටින ලෙස  ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා , අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල ප්‍රධානීන්ට දැනුම් දී ඇත .
එවන් තත්ත්වයකදි අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ එම ආයතන ප්‍රධානීන් අතර ඊයේ පස්වරුවේ  දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්  ඉදිරියේදී කිසිසේත් රට තුළ ඇඳිරි නීතිය පැනවීමක් සිදු නොවනු ඇති බවත් සංචරණ සිමා පමණක් සිදු කිරීමට අවස්ථාව ඇති බවත්  අරලියගහ මන්දිරයේදී පවතී මෙම සාකච්ජාවේදී  රාජපක්ෂ මහතා පවසා ඇත .